crc godakawela
crc course starting
crc godakawela

Wednesday, June 28, 2017

Zonal ICT Education Centre - Godakawela

R/Emb/Rahula National School - Godakawela

ගොඩකවෙල කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථාන බ්ලොග් අඩවියට සාදරයෙන් පිළිගනිමු කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථාන ආරම්භය
ගොඩකවෙල කලාපීය පරිගණක සම්පත් මධ්‍යස්ථානය 1999 වසරේ සිට මේ දක්වා වසර 18 ක් අඛණ්ඩව තම සේවාව සලසමින් සිටින පරිගණක අධ්‍යාපන ආයතනයකි. ප්‍රදේශයේ සිසුන් දහස් ගණනකට පරිගණක සාක්ෂරතාවය හා නොයෙකුත් පරිගණක යෙදුම් පිළිබඳ මනා නිපුනතාවයක් ලබා දීමට මෙම මධ්‍යස්ථානයට හැකිවී ඇත. එසේම ජාතියේ අනාගතය නිර්මාණය කරමින් සිටින ගුරු භවතුන් සිය ගණනක් තොරතුරු තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ කිරීමේ අසම සම මෙහෙවර තවමත් නිමා වී නොමැත. සිසු ගුරු දෙපාර්ශවයේම උසස් අධ්‍යාපනික අවශ්‍යතා සහ වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීමට ප්‍රසංශනීය සහයෝගයක් ලබා දුන් මෙම මධ්‍යස්ථානය සම්බන්ධ නිල තොරතුරු එළි දැක්වීම මෙම බ්ලොග් අඩවියේ අරමුණවේ. බ්ලොග් අඩවියේ මූලික අන්තර්ගතය

  •  මධ්‍යස්ථාන මූලික තොරතුරු පාඨමාලා සම්බන්ධ තොරතුරු 
  •  පාඨමාලා සඳහා මාර්ගගත ලියාපදිංචිය හා විමසීම්( Online registration and inquiries) 
  • පාඨමාලා සමත් සිසුන්ගේ ප්‍රතිඵල යනාදියයි
1983 දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ පාසල් කිහිපයක උසස් පෙළ සිසුන් සඳහා පරිගණකය විෂය හදුන්වා දෙමින් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුලට මෙම විෂය හඳුන්වා දීමට මුලපිරීය. 1992 වසර දක්වා පාසල් 350ක පමණ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන තව දුරටත් ඉදිරියට ගෙනයමින් පරිගණක සම්පත් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට තීරණය විය. මේ යටතේ පරිගණක සම්පත් මධ්‍යස්ථාන 300ක් දිවයින පුරා ආරම්භ කිරීමට යෝජනා කෙරින. මෙම සියලු කාර්යයන් සඳහා ජාතික අධ්‍යාපන ආයතනය හා එවකට ජාතික අධ්‍යාපන ආයතනයේ තොරතුරු තොරතුරු තාක්ෂණ දෙපාරතමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ තුමා වන නැසීගිය කේ. ඒ. වී කරුණානායක මහතා මූලික විය. මෙම පරිගණක සම්පත් මධ්‍යස්ථාන සංකල්පය යටතේ 1983 අග භාගයේදී ගුරු සේවයේ යෙදී සිටි ගුරුභවතුන්ගෙන් තෝරාගත් පිරිසකට ජාතික අධ්‍යාපන ආයතනය මගින් පරිගණක උපදේශක පුහුණුව ලබා දෙන ලදී

🚃🚃🚃

 

Popular Posts

Recent Posts

Text Widget

Pages

Powered by Blogger.
Copyright © Godakawela ZICTEC | Powered by Blogger
Design by Viva Themes | Blogger Theme by NewBloggerThemes.com